පාකිස්ථානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරල් රහීල් ශරිෆ් ජනපති හමුවෙයි

පාකිස්ථානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරල් රහීල් ශරිෆ් ජනපති හමුවෙයි

පාකිස්ථානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරල් රහීල් ශරිෆ් ජනපති හමුවෙයි

කර්තෘ Staff writer

08 Jun, 2015 | 4:20 pm

දිවයිනට පැමිණ සිටින පාකිස්ථානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරල් රහීල් ශරිෆ් මහතා අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති කාර්යාලයේදී පැවති එම හමුවේදී දෙරට අතර ජාතික හා කලාපීය ආරක්ෂක කටයුතුවලදී පවත්වාගෙන යන සහයෝගීතාව සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව ය.

මිත්‍ර රාජ්‍ය දෙකක් ලෙස ඉදිරියේදී ද දෙරටේ ආරක්ෂක කටයුතුවලදී සුහදතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද එහිදී ජනාධිපතිවරයා හා පාකිස්ථානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර සාකච්ඡාවී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]