ඩී.වී. උපුල් රිමාන්ඩ්

ඩී.වී. උපුල් රිමාන්ඩ්

ඩී.වී. උපුල් රිමාන්ඩ්

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 10:33 pm

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, අද ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල් මහතා අද අත්අඩංගුවට ගනු ලැබුවේ, පැය කිහිපයක ප්‍රශ්න කිරීමකින් අනතුරුව ය.

පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම ඇතුළු චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]