ගාලු කොටුවේ රහසිගතව පත්වා ගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලයි (VIDEO)

ගාලු කොටුවේ රහසිගතව පත්වා ගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

08 Jun, 2015 | 6:58 am

ගාලු කොටුවේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන සකසන ස්ථානයක තිබී රාජ්‍ය හා පුද්ගලික අංශයට අදා‍ළ රබර් මුද්‍රා 48 ක් සොයා ගෙන තිබේ.

ඊයේ අදාළ ස්ථානයේ වැටලීමක් සිදු කර ඇත්තේ, හබරාදුව පොලීසියට ලද තොරතුරක් මත ය.

පොලීසිය පැවසුවේ, එහිදී ගාල්ල දිසා අධිකරණය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන 48ක රබර් මුද්‍රා සොයාගත් බව ය.

අදාළ ස්ථානයේ කටයුතු දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවට ද හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්පිටිය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සේවය කරන 53 හැවිරිදි පුද්ගලයෙකි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]