අර්තාපල් සහ ලොකු ළූණු බද්ද පහළට

අර්තාපල් සහ ලොකු ළූණු බද්ද පහළට

අර්තාපල් සහ ලොකු ළූණු බද්ද පහළට

කර්තෘ Sagarika Chathumali

06 Jun, 2015 | 7:57 am

ආනයනික අර්තාපල් සහ ළූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබේ.

ඒ අනුව අර්තාපල් ආනයනයේදී කිලෝ ග්‍රෑම් 1කට අය කළ රුපියල් 55ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 දක්වා ද ළූණූ ආනයනයේදී කිලෝ ග්‍රෑම් 1කට අය කළ රුපියල් 30ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වා ද අඩු කෙරෙන බව මුදල් අමාත්‍යංශය පැවසී ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම තීරණය ගෙන ඇත්තේ, වෙළෙඳපොළේ අර්තාපල් සහ ළූණූ මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]