පේරු දරුවෙකුගේ ඇසේ සිටි පණුවෙකු පිටතට ගත් අයුරු (VIDEO)

පේරු දරුවෙකුගේ ඇසේ සිටි පණුවෙකු පිටතට ගත් අයුරු (VIDEO)

කර්තෘ Staff writer

04 Jun, 2015 | 1:48 pm

17 හැවිරිදි ළමයෙකුගේ ඇසේ සිටි පණුවෙකු ඉවත් කිරීමට පේරු රාජ්‍යයේ ලිමා නගරයේ රෝහලක වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ, මාසයක පමණ කාලයක සිට මේ පණුවා ළමයාගේ ඇසේ ජීවත්ව ඇති බව ය.

ළමයාගේ ඇස ක්‍රමයෙන් ඉදිමීමට පටන් ගෙන තිබේ.

ඉන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමේදී එම පණුවා අදාළ ළමයාගේ ඇස තුළ සිටි බව අනාවරණ වී ඇත්තේ එම්.ආර්.අයි. පරීක්ෂණයකිනි.

අක්ෂි වෛද්‍ය කැ‍රොලිනා මර්චෙනා පැවසුවේ ,මෙම පණුවා තවදුරටත් ඔහුගේ ඇස තුළ ජීවත් වූවානම් ඔහුගේ මොළයට එය දැඩිව බලපෑ හැකි බව ය.

අදාළ පණුවන් අතිශය ප්‍රියකරන ශාක විශේෂයක පත්‍රයක සුවඳ ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් මෙම පණුවා දරුවාගේ ඇස තුළින් මතුපිටට ගෙන තිබේ.

අදාළ පණුවා සෙන්ටිමීටර 3ක් පමණ දිගින් යුක්ත වේ.

 

පේරු දරුවෙකුගේ ඇසේ සිටි පණුවෙකු පිටතට ගත් අයුරු

Posted by Newsfirst.lk on Thursday, June 4, 2015