කිලිනොච්චියේදී දැරියක දූෂණය කළ සැකකරු පලා යයි

කිලිනොච්චියේදී දැරියක දූෂණය කළ සැකකරු පලා යයි

කිලිනොච්චියේදී දැරියක දූෂණය කළ සැකකරු පලා යයි

කර්තෘ Chathuranga Rajapaksha

04 Jun, 2015 | 10:25 pm

කිලිනොච්චියේදී වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර තිබේ.

අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණයට භාජනය වී ඇති බව කිලිනොච්චි පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් කිලිනොච්චිය ළමා හා කාන්තා කාර්යංශයට ඊයේ පැමිණිලි කර තිබුණි.

සැකකරු එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර කිලිනොච්චියේ පසුගිය සතියේ සිදුවූ හත් හැවිරිදි දැරියක් දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ 15 හැවිරිදි සැකකරු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ කිලිනොච්චි දිස්ත්‍රික් උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකින් අනතුරුව සිද්ධියට සම්බ්න්ධ සැකකරු බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසිය.

සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]