මන්නා පිහියක් ද අතැතිව පැමිණි හෝමාගම උප සභාපති පොලීසියට භාරවෙයි

මන්නා පිහියක් ද අතැතිව පැමිණි හෝමාගම උප සභාපති පොලීසියට භාරවෙයි

මන්නා පිහියක් ද අතැතිව පැමිණි හෝමාගම උප සභාපති පොලීසියට භාරවෙයි

කර්තෘ Sakila Udayakumara

03 Jun, 2015 | 3:31 pm

හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියට භාර වීමෙන් අනතුරුව උප සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව ය.

ඊයේ සවස අතුරුගිය පොලිස් වසමේදී ඔහු පුද්ගලයෙකුට කැපෙන ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබේ.

පසුව උප සභාපතිවරයා ප්‍රදේශයෙන් පළා ගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

අදළා උප සභාපතිවරයා අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ, මන්නා පිහියක් ද සමගින් අතුරුගිරිය පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව ය.