කොළඹ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ රාජකාරි ගිනි අවිය හොරු අරං

කොළඹ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ රාජකාරි ගිනි අවිය හොරු අරං

කොළඹ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ රාජකාරි ගිනි අවිය හොරු අරං

කර්තෘ Kumudu Jayawardana

03 Jun, 2015 | 12:39 pm

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ රාජකාරි ගිනි අවියක් සොරාගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, කොළඹ උතුර ප්‍රදේශ‍ය භාර සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ගිනි අවියක් එලෙස සොරාගෙන ගොස් ඇති බව ය.

එලෙස අදාළ ගිනි අවිය සොරකම් කරගෙන ගොස් ඇත්තේ, ඊයේ රාත්‍රී කාලයේ කොටුගොඩ පිහිටි අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවසිනි.

එම අවස්ථාවේ එම නිවසේ මහලු මෙහෙකරුවෙකු හැර වෙනත් කිසිවෙකුත් නිවසේ සිට නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, නිවසේ තිබී පවුම් 4ක පමණ ස්වර්ණාභරණ ද සොරාගෙන ගොස් ඇති බව ය.