අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තිස්ස අත්තනායක මාධ්‍යට අදහස් පළ කරයි (VIDEO)

අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තිස්ස අත්තනායක මාධ්‍යට අදහස් පළ කරයි (VIDEO)

කර්තෘ Staff writer

03 Jun, 2015 | 10:34 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ ය.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී කූට ලේඛන සැකසූ බවට අත්තනායක මහතාට නැගූ චෝදනාවට අදාළ නඩු විභාගයට පෙනී සිටීම සඳහා ය.

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුම් දුන්නේ විමර්ශන වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කළ යුතුව ඇති බව ය.

එ් හේතුවෙන් නඩු විභාගයට වෙනත් දිනයක් නියම කරන්නැයි කළ ඉල්ලීම අනුව අධිකරණය අගෝස්තු 5 වන දා දක්වා නඩුව කල් තබන ලදී.