යාපනයේ පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කෙරේ (Video)

යාපනයේ පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කෙරේ (Video)

By Sakila Udayakumara

May 15, 2015 | 10:24 pm

යාපනය, පුංගුඩුතිව් ආලඩ් ප්‍රදේශයේ පාසල් සිසුවියක දුෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අද කයිට්ස් පොලීසිය අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පුංගුඩිතිව් ප්‍රදේශයේ ජීවත් වුණු එම ශිෂ්‍යාව පෙරේදා පාසල් ගොස් නැවත ගෙදර නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

 

යාපනයේ දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට එරෙහිව ජනතා විරෝධය

Posted by Newsfirst.lk on Friday, May 15, 2015

පසු දින ඇගේ සිරුර අත් කකුල් ගැටගසා තිබී හමුවුණේ, පුංගුඩුතිව් ප්‍රදේශයේ තිබීයදී ය.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියෝ අද උද්ඝොෂණයක නිරත වූහ.

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චි මහා විද්‍යාලය හා කිලිනොච්චි ශාන්ත නිරෝෂා බාලිකා විදුහලේ සිසු සිසුවියෝ අද එම විරෝධතාවයට එක්වූහ.

එම සිද්ධියට සම්බන්ධ අයට දඬුවම් කරන ලෙස කිලිනෝච්චි දිසාපතිට අද පෙත්සමක් ද භාර දුන්නේ ය.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා ආචාර්යවරු ද එම සිද්ධියට විරෝධය පෑමට අද උද්ඝෝෂණයක නිරත වූහ.

 විද්‍යා ඝාතනය    විද්‍යා සිසුවිය   vidya   කයිට්ස් පොලීසිය   පාසල් සිසුවියක දුෂණය කර   පුංගුඩුතිව් ආලඩ්   යාපනය   රක්ෂිත බන්ධනාගාර   විද්‍යා   විද්‍යා දැරිය