කහවත්තේ අද ත් උද්ඝෝෂණ (VIDEO)

කහවත්තේ අද ත් උද්ඝෝෂණ (VIDEO)

කර්තෘ Sagarika Chathumali

30 May, 2015 | 10:05 pm

කහවත්ත නගරයේ පසුගිය දා පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස ඉල්ලා ගම්වාසීහු අද යළි විරෝධතාවක නිරත වූහ.

2012 වසරේ කොටකෙතනදී සිදුවූ ද්විත්ව ඝාතනයක සැකකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමත් සමග කොටකෙතන ප්‍රදේශයේ විරෝධතා ආරම්භ වුණේ පසුගිය 28 වන දා ය.

එහිදී විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය.

සිද්ධියෙන් පසු 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔවුන් මුදා හරින ලෙස ඉල්ලමින් කොටකෙතන ගම්වාසීහු ප්‍රදේශයේ විහාරස්ථානය අසල විරෝධතාවක නිරත වූහ.

එම ස්ථානයට පැමිණි ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පොරොන්දු වූයේ පොලීසිය හා සාකච්ඡා කොට අදාළ සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගන්නා බව ය.

මේ වනවිට ප්‍රදේශයේ සාමාකාමී වාතාවරණයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 150 දෙනෙකු යොදවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]