වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

කර්තෘ Staff writer

29 May, 2015 | 1:42 pm

වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක සම්මාන හිමිකර ගෙන තිබේ.

අන්තර් පාසල් පළමු පෙළ තරගාවලියේ ශූරතාව හිමි වුනේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ය.

වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වූ වාර්ශික සම්මාන ප්‍රධානෝත්සවය ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.

ඊට ‍ගෞරවණීය ආරාධිතයා ලෙස සහභාගී වූයේ  හිටපු ටෙස්ට් ක්‍රීඩක සිදත් වෙත්තමුණී මහතා ය.

මෙම වසරේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් හා විනිසුරුවරන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්විණ.

පාසල් ක්‍රිකට් පිටියේ තුන් වන කාණ්ඩයේ ශූරතාව පාදුක්ක සිරි පියරතන විද්‍යාලය දිනා ගෙන තිබේ.

එහි අනුශූරයන් වූයේ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයීය කණ්ඩායම ය.

දෙවැනි කාණ්ඩය ය‍ටතේ පැවති තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය හිමිකගත් අතර, වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලීය කණ්ඩායම අනුශූරයන් ලෙස සම්මාන ලැබී ය.

පන්දුවාර 20යි 20 තරගාවලියේ ශූරතාව හිමිකරගත්තේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයයි.

අන්තර් පාසල් එක්දින තරගාවලියේ ශූරතාව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට හිමි විය.

අනුශූරයන් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලය වේ.

පළමු කාණ්ඩය යට‍තේ පැවති තරගාවලියේ අනුශූරතාව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට හිමිකර දෙමින් එහි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හිමිකර ගැනීමට හැකි විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අවිෂ්ක ප්‍රනාන්දු වසරේ දක්ෂතම පිතිකරු ලෙස හා වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි අනු ශූරතාව ද හිමි කරගත්තේ ය.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද සමස්ත තරගාවලියේදී දක්ෂතා දැක් වූ රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත අසලංක වසරේ ක්‍රීඩකා ලෙස සම්මාන හිමිකර ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]