වැඩේ නරක වුණත් ගජ මිතුරන්ගෙන් හොඳ පාඩමක් (VIDEO)

වැඩේ නරක වුණත් ගජ මිතුරන්ගෙන් හොඳ පාඩමක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 May, 2015 | 8:04 am

ගලෙන්බිඳුණුවැව, නාවක්කුලම ගම්මානට පැමිණි වනඅලි රංචුවකට ඊයේ රාත්‍රියේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.

ගලෙන්බිඳුණුවැව ආශ්‍රිත නාවක්කුලම, මානංකට්ටිය, ගල්වඩුවාගම, සිවලාකුලම යන ගම්මාන කලක සිට මෙලෙස වනඅලි තර්ජනවලට මුහුණ දී සිටී.

කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නොමැති වුවත් ගම්මානවල වගාවන්ට මෙම වන අලින්ගෙන් සිදුවන හානිය අතිමහත් ය.

පසුගිය දිනක රාත්‍රී නාවක්කුලම ගම්මානයට පැමිණි 40දෙනෙකුගෙන් පමණ සමන්විත වනඅලි රංචුවක් වගාවකට හානි කිරීමට ගිය අවස්ථාවේදී රංචුවේ එක් අලියෙකු අසල තිබූ වගා ළිඳකට ඇද වැටී තිබිණ.

එහෙත් රංචුවේ සිටි සෙසු අලි සිය මිතුරා අනතුරේ වැටුණු සිය මිතුරා දමා එතැනි පලා නොගියේ ය.

අලි රංචුව ම එක්ව වගා ළිඳේ බැම්මට හානි කර කඩා දමමින් සිය මිතුරා බේරා ගෙන තිබිණ.

මෙම අලි රැළ පැමිණියේ මිනිසාට අයහපතක් සිදු කිරිමට වුවද  විපතේදී සිය මිතුරා හැර යන මිනස් ලොවේ සමහර පසමිතුරන්ට මෙය අදර්ශයක් වන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]