JUST IN: ‘වෙලේ සුදා’ගේ සහෝදරයා කුඩු ත් එක්ක අල්ලයි

JUST IN: ‘වෙලේ සුදා’ගේ සහෝදරයා කුඩු ත් එක්ක අල්ලයි

JUST IN: ‘වෙලේ සුදා’ගේ සහෝදරයා කුඩු ත් එක්ක අල්ලයි

කර්තෘ Sagarika Chathumali

17 May, 2015 | 4:51 pm

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන දැනට රක්ෂිත බන්ධානාගාර ගතව සිටින වෙලේ සුදා නමැත්තාගේ සොහොයුරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කොහුවල වෙලේසුදාගේ නිවස ආසන්නයේදි අත්අඩංගුවට ගත් බව ය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ඔහු සතුව හෙරෝයින් 2gක් තිබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වේ.