සේනාපිටියේදී පොලීසියේ දෙදෙනෙකුට මරු කැඳ වූ රිය අනතුර (VIDEO)

සේනාපිටියේදී පොලීසියේ දෙදෙනෙකුට මරු කැඳ වූ රිය අනතුර (VIDEO)

කර්තෘ Staff writer

17 May, 2015 | 4:18 pm

උඩුදුම්බර, සේනාපිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තව ත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ගලහ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරින් පස්දෙනෙකු රැගත් වෑන් රථයක් අද අලුයම එලෙස අනතුරට පත්ව ඇති බව ය.

උඩුදුම්බර, මඩුගල්ල ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍යය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.

මිය ගොස් ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

 

සේනාපිටියේදී පොලීසියේ දෙදෙනෙකුට මරු කැඳ වූ රිය අනතුර

Posted by Newsfirst.lk on Sunday, May 17, 2015