රට ම රොද බඳින රන්භූමි රැළිය පදියතලාවෙන් පොළොන්නරුවට (VIDEO)

රට ම රොද බඳින රන්භූමි රැළිය පදියතලාවෙන් පොළොන්නරුවට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

17 May, 2015 | 10:07 pm

අනාගත ශ්‍රී ලංකාව සහජීවනයෙන් පිරි ජාතියක් ලෙස නගා සිටුවීමට දරණ ප්‍රයත්නයක එක් අදියරක් ලෙස ක්‍රියාත්මක රන්භූමි රැළිය අද පස්වරුවේ පොළොන්නරුවට ළඟා විය.

 

ආදිවාසීන්ගේ ආශීර්වාදය ලැබූ රන්භූමි රැළිය පදියතලාවෙන් පොළොන්නරුවට

Posted by Newsfirst.lk on Sunday, May 17, 2015

සියලු ජාතීන් රටේ සංවර්ධනයට දායක කර ගනිමින් චාරිකාවේ නිරත රන්භූමි රැළිය අද ගමන් ආරම්භ කළේ පදියතලාවෙනි.

ජාතියක ඉතිහාසය කියා පාන ජීවමාන සාධකය වන ආදිවාසීන්ගේ ආශීර්වාද ලැබූ රන්භූමි රැළිය අද සිය ගමනාරම්භය සනිටුහන් කළේ, පදියතලාවෙනි.

ජාතික සමගිය ගොඩනගමින් ගම් නගර සැරිසරන රන්භූමි රැළිය පිළිගනිමින් පදියතලාවේ ජනතාව ද අභිමානවත් වූ උත්සවයක් සංවිධාන කර තිබිණ.

අතින් අතට හුවමාරු වූ රන්භූමියේ පදියතලාව සලකුණ, සුවිශේෂි රථයේ තැන්පත් කෙරුණේ සමගියෙන් පිරි දැයක් ගොඩනැගීමට තමන් ද එක්වන බව පසක් කරමිනි.

සහජීවනයේ පණිවුඩය ත් රැගෙන රටේ සංවර්ධනයට පෙර ගමන් යන රන්භූමි රැළිය අද දහවල් බුදුරජාණන්වහන්සේගේ පාදස්පර්ශය ලද මහියංගණය රජමහා විහාරස්ථානයට පැමිණියේ ය.

බුදු දහමින් ශික්ෂණය ලබන දරුදැරියන් පිරිසක් ද මහියංගනයේ ජනතාව සමඟ රන්භඋමියේ සිය සලකුණ තැබීමට එක්වුණේ සහජීවනයේ ඇති අගය කියා දෙමිනි.

රටට බත සපයන ගොවිරජවරුන් පිරිසක් වෙසෙන පුලතිසිපුරය හෙවත් පොළොන්නරුව අද රන්භූමි රැළියේ ගමනාන්තය සනිටුහන් කළ නගරය විය.

සහජීවනය හරහා රට ගොඩනැගිමට ගමින් ගම යාකරමින් චාරිකාව නිරත රන්භූමි රැළියට පොලොන්නරුවේදිද උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

සිය නාමය රන්භූමියේ සනිටුහන් කිරීමට, ජාති ආගම් භේද නොතකමින් පොළොන්නරුවේ ජනතාව ද එක් විය.

සිරස ශක්ති නිව්ස් ෆස්ට්, කොළඹ වරාය නගරය හා ජාතික තරුණසේවා සභාව එක්ව ගම් නගර සැරිසරන රන්භූමි රැළිය හෙට හබරණ කැකිරාව හරහා මරදන්කඩවලට ළඟා වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]