ඩේවිඩ් මිලර්ගේ හයේ පහරකින් ඉන්දීය පොලිස් නිලධාරියෙකුට ඇසක් අහිමි වෙයි

ඩේවිඩ් මිලර්ගේ හයේ පහරකින් ඉන්දීය පොලිස් නිලධාරියෙකුට ඇසක් අහිමි වෙයි

ඩේවිඩ් මිලර්ගේ හයේ පහරකින් ඉන්දීය පොලිස් නිලධාරියෙකුට ඇසක් අහිමි වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

17 May, 2015 | 1:23 pm

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 9 වන දා පැවති තරගයකදී දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් එල්ල කළ හයේ පහරක් වැදීම හේතුවෙන් ඉන්දීය පොලිස් නිලධාරියෙකුගේ ඇසක් අහිමි වී තිබේ.

කොල්කටා නයිට් රියිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීය.

එහිදී කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළ මිලර් එල්ල කළ හයේ පහර තරගයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ඇසේ වැදී තිබේ.

එම පොලිස් නිලධාරියාගේ දකුණු ඇස අන්ධ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තරගයේදී පන්දු 11කට මුහුණ දුන් මිලර් හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තේය.

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් මිලර් මෙසේ සිය කණගාටුව පළ කළේය.

“මම මේ කරන්නේ සැබෑ නොවන බලාපොරොත්තුවක්. මට සමාවෙන්න මම ඔහුට හොඳම සුවය ප්‍රාර්ථනා කරනවා”