ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්

ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්

ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්

කර්තෘ Staff writer

17 May, 2015 | 9:34 pm

ජනාධිපතිවරයා පැමිණි අගුණකොළපැලැස්සේ ජන හමුවට ගිනි අවියක් අතැතිව හමුදා කෝප්‍රල් වරයෙකු පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහ පොලිස් සැරයන් වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව ය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පැමිණි බව කියන එම හමුදා කොප්‍රල්වරයා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබී ය.

පොලිස්පති වරයාගේ නියමයෙන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.