උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (Video)

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (Video)

කර්තෘ Chathuranga Rajapaksha

17 May, 2015 | 11:29 am

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දුම්රියක් පිලිපැනීම හේතුවෙන් අඩාල වී තිබු උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි 7ට පමණ දුම්රිය පිලිපැනීමට ලක් වු බවය.

 

Train services along Northern Railway line disrupted.Read more : http://goo.gl/E864HTTamil – http://wp.me/p5pPCj-d8v

Posted by Newsfirst.lk on Saturday, May 16, 2015

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද අලුයම තෙක් අඩාල විය.

මේ අතර නඩත්තු කටයුතු හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද දහවල් වනතෙක් අනුරාධපුරය දක්වා සීමා කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගයේ මැදවච්චිය හා වව්නියාව අතර හදීසි අලුත්වැඩියා කටයුත්තක් ඊට හේතු වී ඇති බව ය.

කෙසේ වෙතත් අද පස්වරු 1.45 ට කොළඹ කොටුවෙන් රජරට රැජිණ දුම්රිය වව්නියාව දක්වා ගමන් අරඹන බව පාලක මැදිරිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]