උඩුදුම්බර රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

උඩුදුම්බර රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

උඩුදුම්බර රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

17 May, 2015 | 6:52 am

උඩුදුම්බර, හුන්නස්ගිරිය, සේනාපිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ගලහ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරින් පස් දෙනෙකු රැගත් වෑන් රථයක් අද අලුයම එලෙස අනතුරට පත්ව ඇති බව ය.

උඩුදුම්බර, මඩුගල්ල ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍යය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.

මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.