ඩ්වේන් බ්‍රාවෝගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)

ඩ්වේන් බ්‍රාවෝගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

11 May, 2015 | 11:45 am

ඩ්වේන් බ්‍රාවෝ යනු ක්‍රීඩකයෙකු පමණක් නොව ගායකයෙකු වන බවට අපි පසුගිය දා ඔබට තොරතුරු ගෙන ආවෙමු.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙවර IPL තරගාවලියේ ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ද අමතක නො‍වන දස්කමක් දැක්වීය.

ඒ, ෂේන් වොට්සන් දවා ගැනීම සඳහා හතරේ සීමාවේ සිට රැක ගත් අපූරු උඩ පන්දුව යි.

වොට්සන්ගේ පිත්තෙන් එල්ල කළ 6 පහරක් උඩ පන්දුවක් බවට පත් කර ගැනීමට ඩ්වේන් බ්‍රාවෝ සමත් විය.

එම තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 12ක ජයක් හිමි විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]