මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
සල්මන් ඛාන් වෙනුවෙන් බොලිවුඩය කම්පා වෙයි: නළු නිළියන් රැසකගෙන් සල්මන්ගේ නිවස පිරෙයි

සල්මන් ඛාන් වෙනුවෙන් බොලිවුඩය කම්පා වෙයි: නළු නිළියන් රැසකගෙන් සල්මන්ගේ නිවස පිරෙයි

සල්මන් ඛාන් වෙනුවෙන් බොලිවුඩය කම්පා වෙයි: නළු නිළියන් රැසකගෙන් සල්මන්ගේ නිවස පිරෙයි

කර්තෘ Sakila Udayakumara

07 May, 2015 | 6:24 pm

වසර 5කට සිපිරිගෙට යන සල්මාන් ඛාන් වෙනුවෙන් බොලිවුඩය කම්පාවට පත්ව තිබේ.

සල්මන් ඛාන්ට ඊයේ අධිකරණයෙන් දඬුවම් නියම වුව ත් දින දෙකක ඇප හිමිවිය.

2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක් මත නිදා සිටි පිරිසක් මතින් වේගයෙන් රිය පැදවීමෙන් පුද්ගලයකු මිය ගොස්
තව ත් සිව් දෙනෙකු තුවාල ලැබීමට වරදකරු වූ සල්මන් ඛාන්ට ඊයේ වසර 5ක සිර දඬුවම් නියම විය.

තම රියැදුරු අතින් අනතුර සිදු වූ බව සල්මන් ඛාන් කියා සිටි නමුත් සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, අනතුර සිදු වන අවස්ථාවේ ඔහු රියැදුරු අසුනේ සිටි බව ය.

අනතුරෙන් පසුව සල්මන් ඛාන් එම ස්ථානයෙන් පලා ගිය බව ද සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂිවල දැක්විණි.

ඒ අනුව සාක්ෂි සලකා බැලූ විනිසුරු ඩී.ඩබ්ලිව්. දේෂ්පාන්ඩේ සල්මන්ට සිර දඬුවම් නියම කිරීමත් සමග ඔහු කඳුළු සලමින් හැඬූ බව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේ ය.

පසුව දින 2ක ඇප හිමි වූ සල්මන් ඛාන් ඊයේ රාත්‍රියේ මුම්බායිහි ගැලැක්සි තට්ටු නිවාස සංකීර්ණයේ තම නිවස වෙත පැමිණි අතර ඒ වන විට ත් විශාල රසික රසිකාවියන් පිරිසක් එහි පැමිණ සිටියහ.

අද උදෑසන ද බොලිවුඩයේ සුපිරි නළු නිළියන්ගෙන් සල්මන්ගේ නිවස පිරී ගියහ.

ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සුනිල් ෂෙට්ටි, සෝනු සූඩ්, චන්කේ පාන්ඩේ, සල්මන්ගේ සොහොයුරු අර්බාස් ඛාන් හා ෂොහෙල් ඛාන් ඇතුළු නළුවන් පිරිසක් ඒ අතර වූහ.

එමෙන් ම සෝනාක්ෂි සින්හා, ප්‍රීති සින්ටා, රානි මුකර්ජි, බිපාෂා බාසු හා සන්ගීතා බිජ්ලානි ඇතුළු සමකාලීන නිළියන් රැසක් ද සල්මන් හමුවීමට අද නිවසට පැමිණියහ.

සුපිරි නළු සල්මන් ඛාන් සිරගත වීමෙන් මේ වන විට ත් රූගත කිරීම් කරන චිත්‍රපට 2ක කටයුතු සම්බන්ධයෙන් අවදානමක් මතුව තිබේ.

ඒ, එම චිත්‍රපට දෙකෙහිම බොහෝ රූගත කිරීම් මේ වන විට ත් අවසන්ව තිබීම හේතුවෙනි.

1965 වසරේ දෙසැබ්බර් මස 27 වන දා උපන් අබ්දුල් රෂිඩ් සලීම් සල්මන් ඛාන් ඉන්දීය වාණිජ සිනමාව තුළ නළුවෙකු ලෙස ත් නිෂ්පාදකවරයෙකු ලෙස ත් ඉහළ වටිනාකමක් හිමිකර ගත් අයෙකි.

අවිවාහක මෙම සුපිරි නළුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ අයත් සමකාලීනයන් මෙන් ම රසික රසිකාවියනුත් තව දුරට ත් බලාපොරොත්තු සහගතව සිටින්නේ, මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම විභාගයට ගන්නා තුරු ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]