බැසිල් රාජපක්ෂ ලබන 20 වන දා තෙක් යළි ත් රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ ලබන 20 වන දා තෙක් යළි ත් රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ ලබන 20 වන දා තෙක් යළි ත් රිමාන්ඩ්

කර්තෘ Staff writer

07 May, 2015 | 12:54 pm

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 20 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා තවත් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ පසුගිය 22 වන දා ය.

පෙරේදා දිනයේ ද හිටපු අමාත්‍යවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු පැමිණියේ ගිලන් රථයකිනි.

සෙසු සැකකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක හා එහි අධ්‍යක්ෂවරයෙකු වූ ආර්.පී.බී තිලකසිරි යන මහත්වරුන් අධිකරණයට ගෙන ආවේ බන්ධනාගාර බස්රථයකිනි.

නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ගිලන් රථයට පැමිණ බැසිල් රාජපක්ෂ මහතා පරීක්ෂා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]