බැසිල් රාජපක්ෂ යළි ත් රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ යළි ත් රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ යළි ත් රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

05 May, 2015 | 3:37 pm

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 7 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සෙසු සැකකරුවන් වන්නේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක හා එහි අධ්‍යක්ෂවරයෙකු වූ ආර්.පී.බී. තිලකසිරි යන මහත්වරුන් ය.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය දා ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]