ඩ්වේන් බ්‍රාවෝගේ අලුත් ම සින්දුව අහමු! (VIDEO)

ඩ්වේන් බ්‍රාවෝගේ අලුත් ම සින්දුව අහමු! (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

05 May, 2015 | 1:15 pm

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් අතර ඩ්වේන් බ්‍රාවෝ යනු තුන් ඉරියව්වෙන් ම විශිෂ්‍‍ට දස්කම් දක්වන (all rounder) සුපිරි ක්‍රීඩකයෙකි.

ඔහු ක්‍රීඩාවේ අංශ තුනට ම එකසේ දක්ෂතා දක්වන්නෙකු සේ ම, සාමාන්‍ය ජීවිතයේදී ද all rounder කෙනෙක් බව ඔප්පු කර තිබේ.

ඔහු මේ වන විට ගීත 6ක් එළි දක්වා ඇති අතර, ‘Ula’ නමැති දෙමළ චිත්‍රපටයට ද රංගනයෙන් දායක වී තිබේ.

ඔහුට ඇත්තේ, සංගීතයට ම ගැලපෙන නමක් වීම ද විශේෂත්වයකි. (Dwayne John Bravo = DJ Bravo)

ඔහුගේ නවතම ගීතය ‘Chalo Chalo’ නමින් පෙරේදා ඉන්දියාවේදී එළි දක්වනු ලැබිණි.

ඒ, ඔහු නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් සහ ක්‍රිස් ගේල් නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]