සිරස වෙසක් කලාපයට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා ගනේපොළ පුරාණ රාජමහා විහාරස්ථානයට

සිරස වෙසක් කලාපයට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා ගනේපොළ පුරාණ රාජමහා විහාරස්ථානයට

කර්තෘ Sakila Udayakumara

01 May, 2015 | 8:32 pm

අද පස්වරුවේ කුලියාපිටිය නගරයට ළඟා වූ සිරස වෙසක් කලාපයට වැඩම කෙරෙන ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අතිවිශාල ජනතාවක් රැස්ව සිටියහ.

මේ වනවිට ත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ගන්නේ, විශාලා ජනතාවක‍ගේ වන්දමාන මධ්‍යයේ ය.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය හා ජෝන් කීල්ස් සමූහ ආයතනය එක්ව සංවිධාන කරන සිරස වෙසක් කලාපයට හා රිය පෙරහැරට ආරක්ෂක අමාත්‍යංශයේ බැතිබර දායකත්වය ද ලැබී තිබේ.

සම්බුදු තෙමගුල වෙනුවෙන් කෙරෙන උතුම් ආමිස පූජාව, සිරස වෙසක් කලාපය මෙවර ත් කොළඹ බේබෲක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ 3, 4 සහ 5 යන දිනයන්හිදී පැවැත්වේ.

ඒ සඳහා මහනුවර ඓතිහාසික යටිහලගල රාජමහා විහාරයේ සිට සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ වැඩම කරවීම ඉකුත් 29 වන දා ආරම්භ කෙරුණේ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති තේවාවලින් අනතුරුව ය.

සැදැහැවතුන් වෙනුවෙන් ආශිර්වාද ගැන්වූ පිරිත් පැන්, පිරිත් නූල් මෙන් ම ධර්ම ග්‍රන්ථ බෙදා දීම ද ගමන අතරතුර සිදු කෙරිණි.

ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර කුලියාපිටියට ළඟා වනවිට සැදැහවතුන් රැසක් තෙල් මල් පහන් රැගෙන පෙළ ගැසී සිටින අයුරු දක්නට ලැබිණි.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය හා ජෝන් කීල්ස් සමූහ ආයතනය එක්ව සංවිධානය කරන සිරස ‍වෙසක් කලාපයට වැඩම කෙරෙන ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර අලුත්පොළ, ගනේපොළ පුරාණ රාජමහා විහාරස්ථානය වෙත ගමන් ගනිමින් සිටියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]