‘ශ්‍රම බලයට කොළ එළියක්’: එ.ජා.ප.යේ මැයි රැළිය කැම්බල් පිටියේදී (Video)

‘ශ්‍රම බලයට කොළ එළියක්’: එ.ජා.ප.යේ මැයි රැළිය කැම්බල් පිටියේදී (Video)

කර්තෘ Sakila Udayakumara

01 May, 2015 | 10:10 pm

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය ‘ශ්‍රම බලයට කොළ එළියක් ‘යන තේමාව මුල්කර ගනිමින් අද පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් සහ ආධාරකරුවන් මැයි දින රැළියට එක්වීම සඳහා පැමිණියේ, මාලිගාවත්ත ප්‍රදීපා මාවත අසල සිට පා ගමනින් ය.

තව ත් ‍පෙළපාලි කිහිපයක් එකතු වීමෙන් පසුව පිරිස සංඝරාජ වටරවුම, මරදාන හංදිය, බොරැල්ල මංසන්ධිය, බේස්ලයින් පාර ඔස්සේ කැම්බල් පිටිය දක්වා ගමන් ගත්හ.

මෙම පෙළපාලියෙන් අනතුරුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී මැයි රැළිය ආරම්භ විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]