English
தமிழ்
කර්තෘ Staff writer
01 May, 2015 | 1:08 pm
වරප්‍රසාද ලත් පංතියට සීමා වූ මෙරට දේශපාලන නායකත්වයට පොදු ජනතාව අතරින් බිහි වූ පළමු නායකයා ලෙස සැලකෙන
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 22 වැනි ගුණ සැමරුම අදට යෙදී තිබේ.
එහි ප්‍රධාන සැමරුම් උළෙල අද පැවැත් වූයේ කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අභියසදී ය.
කම්කරු පක්ෂයෙන් දේශපාලන අත්පොත් තබන රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භයේදී කොළඹ නගර සභාවට තේරී පත්වී ටික දිනකින් නියෝජ්‍ය පුරපති ධුරයට පත් විය.
ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1965දී ය.
එතැන් සිට පළාත් පාලන අමාත්‍ය ධුරය, අගමැති ධුරය සහ මෙරට දෙවන විධායක ජනපති ධුරය හෙබ වූ ඔහු මෙරට නිවාස විප්ලවයකට මුල් වූ ගම් උදාව මෙන්ම ජන සවිය මාපිය කැපකරු ක්‍රමය, පාසල් දරුවන්ට නිළ ඇඳුම් ලබා දීම, ඇඟළුම් කම්හල් 200 වැඩසටහන ආදී යුගවල අමතක නොවන ජන මෙහෙවරක නියැලිණ.
එතුමන්ගේ 22 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ ප්‍රේමදාස පිළිරුව අබියසදී පැවැත් වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
01 May, 2018 | 09:25 PM
01 May, 2014 | 08:17 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS