මැයි දිනය වෙනුවෙන් ජනපති, අගමැති පණිවුඩ නිකුත් කෙරේ

මැයි දිනය වෙනුවෙන් ජනපති, අගමැති පණිවුඩ නිකුත් කෙරේ

මැයි දිනය වෙනුවෙන් ජනපති, අගමැති පණිවුඩ නිකුත් කෙරේ

කර්තෘ Staff writer

01 May, 2015 | 6:58 am

යහපාලනය සාධනයෙහිලා එකාවන්ව කැප වීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සමස්ත කම්කරු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පැවසුවේ, කම්කරු හිතෛෂී පාලනයක් තුළින් වඩාත් නිදහස් හා ප්‍රජාතන්තවාදී ලෙස මෙවර මැයි දිනය සැමරීමට කම්කරු පන්තියට අවස්ථාවක් උරුමකර දීමට හැකි වීම පිළිබදව සතුටට පත්වන බව ය.

ශ්‍රී ලාංකේය ජනතාවට උද්යෝගයෙන් හා අභිමානයෙන් යුතුව ක්‍රියාශිලී වීම සඳහා අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත් සංවිධානය වීමේ හා ක්‍රියාකාරී වීමේ අයිතියත් මේ වනවිට රට තුළ ස්ථාපිත වී ඇති බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සිහිපත් කර තිබේ.

පරිත්‍යාගය තුළින් ලබාගත් ජයග්‍රහන රැක ගැනීමට නම් සාමූහික බැඳීම නිරුපද්‍රිතව රැකගත යුතු බව ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රමයට නිසි ගෞවරයක් සහ ඇගයීම ලබා දෙමින් කම්කරු අයිතීන් තහවුරු කර ඔවුන්ගේ ජීවන අපේක්ෂාවන් ඉටු කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා සිය මැයි දින පණිවුඩයෙන් පවසයි.

උදා වූ නව දේශපාලන සංස්කෘතිය වැඩබිමේ අරගලය ජය ගැනීමට හා දේශයේ දියුණුවට කැපවීමට ශක්තියක් වේවා යැයි අග්‍රාමාතවරයාගේ ප්‍රාර්ථනය වේ.

අග්‍රාමාතයවරයා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තිරසර සංවර්ධන ක්‍රියාදාමයක් තුළ දේශය ගොඩනැංවීමට හා ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට පෙළ ගැසිය යුතු බව ය.