තඹුත්තේගමදී ලොරියක් අනතුරට ලක් වීමෙන් 8 හැවිරිදි දැරියක් මරුට

තඹුත්තේගමදී ලොරියක් අනතුරට ලක් වීමෙන් 8 හැවිරිදි දැරියක් මරුට

තඹුත්තේගමදී ලොරියක් අනතුරට ලක් වීමෙන් 8 හැවිරිදි දැරියක් මරුට

කර්තෘ Sakila Udayakumara

01 May, 2015 | 3:45 pm

තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් 8 හැවිරිදි දැරියක මිය ගොස් තව ත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද පෙරවරුවේ එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අනුරාධපුරයේ වන්දනා ගමනක් යමින් සිටි වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

තුවාල ලැබූ සෙසු පිරිස තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 4 දෙනෙකු හා ළමුන් 6 දෙනෙක් ද වෙති.