ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික සම්මේලනය (VIDEO)

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික සම්මේලනය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

01 May, 2015 | 8:40 pm

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.

එහිදී 2014 – 2015 වර්ෂය වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ හොඳ ම විධායක නිලධාරියා ලෙස සම්මාන ලැබුවේ, සිරස ටීවී නාලිකා ප්‍රධානී චන්දන සුරියබණ්ඩාර මහතා ය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික සම්මේලනයට තව ත් ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

වාර්ෂික සම්මේලනයේදී සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වසරේ හොඳ ම විධායක නිලධාරීවරයා තෝරා ගැනීම සඳහා නිර්දේශ වූ විධායක නිලධාරීන් ගණන 5 කි.

පීඊ ප්ලස් සමාගමේ සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර, සිරස ටීවී නාලිකා ප්‍රධානී චන්දන සුරියබණ්ඩාර, සිරස එෆ්එම් නාලිකා ප්‍රධානී කිංස්ලි රත්නායක, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි සහ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ නාලක සෙනෙවිරත්න යන මහත්වරුන් එහිදී නිර්දේශ වූහ.

ඒ අතරින් 2014 – 2015 වර්ෂය සඳහා සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ හොඳ ම විධායක නිලධාරියා බවට පත් වූයේ, සිරස ටීවී නාලිකා ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර මහතා ය.