විද්‍යා වෙනුවෙන් ජනපති කළ සංචාරය අගය කළ යුතුයි – ආනන්දසංගරී

විද්‍යා වෙනුවෙන් ජනපති කළ සංචාරය අගය කළ යුතුයි – ආනන්දසංගරී

By Sagarika Chathumali

29 May, 2015 | 10:10 pm

යාපනයේදී අපචාරයට ලක්ව ඝාතනය කරන ලද දැරියගේ ඥාතීන් හමු වී ශෝකය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිවී ඇති බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරී මහතා පවසයි.

මේ පිළිබද නිවේදනයක් නිකුත් කරන, ආනන්දසංගරී මහතා පෙන්වා දෙන්නේ සම්ප්‍රදායන්ගෙන් බැහැරව අමාත්‍යවරුන්ගෙන් තොරව ජනාධිපතිවරයා යාපනයට පැමිණීම අගය කළ යුතු බව ය.

විද්‍යා සිව‍ලෝහනාදන් සිසුවිය සමූහ ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය තම ජීවිත කාලය තුළ අත්විඳි භයානක ම සිදුවීම බව ද ආනන්දසංගරී මහතා අදාළ නිවේදනයෙන් සිහිපත් කර තිබේ.

මේ අතර සියලු කාන්තාවන්, පිරිමි සහ වැඩිහිටියන් විද්‍යා වෙත පෙන්වන සානුකම්පිත බව හරහා ශ්‍රී ලංකාවේ එකමුතු භාවයේ ලක්ෂණය පෙන්නුම් කෙරෙන බව ද මෙම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන්ව ඇත.