ජනපති යාපනයේදී ඝාතනයට ලක් වූ විද්‍යාගේ මව හමු වෙයි

ජනපති යාපනයේදී ඝාතනයට ලක් වූ විද්‍යාගේ මව හමු වෙයි

By News 1st

26 May, 2015 | 6:55 pm

අද යාපනයේ හදිසි සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දා කයිට්ස්හිදී ඝාතනයට ලක් වූ පාසල් සිසුවියගේ මව සහ සහෝදරයා හමු වී තිබේ.

එම හමුව සිදුව ඇත්තේ යාපනය ආණ්ඩුකාර නිල නිවසේදී ය.

එම අවස්ථාවට ජනාධිපතිවරයා සමග උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු තව ත් මැති ඇමතිවරු පිරිසක් සහභාගි වී තිබේ.

පසුගිය 13 වන දා යාපනය, පුන්කුඩිතිව් ප්‍රදේශයේදී 17 හැවිරිදි අදාළ පාසල් සිසුවිය සමූහ ලෙස දූෂණය කර පසුව ඝාතනය කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

 

student1

president 2