රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

30 Apr, 2015 | 2:33 pm

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මහතා ඝාතනය සඳහා යොදාගත් බව කියන ගිනි අවිය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ හික්කඩුව පොලිස් නිලධාරී කණ්ඩායමක් එම සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ය.

සැකකරු 21 වියැති තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බණ්ධනාගාරගත කෙරිණ.

පසුගිය මාර්තු 23 වන දා රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදු කෙරුණු අතර එහිදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.