ඉන්දීය දැරියක් ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළ මව ඉදිරියේ අතවරයට ලක් කර පිටතට තල්ලු කරලා (VIDEO)

ඉන්දීය දැරියක් ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළ මව ඉදිරියේ අතවරයට ලක් කර පිටතට තල්ලු කරලා (VIDEO)

කර්තෘ Staff writer

30 Apr, 2015 | 1:34 pm

ඉන්දියාවේ, පන්ජාබ්හි ධාවනය වෙමින් තිබූ බස් රථයකදී අතවරයට ලක් කළ 14 හැවිරිදි දැරියක බස් රථයෙන් ඉවතට ඇද දැමීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම දැරිය ඇයගේ මව සහ සිය සහෝදරයා සමග ඉන්දියාවේ මෝගා නම් දිස්ත්‍රික්කයේදී පෞද්ගලි බස් රථයකට ගොඩ වී ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි පිරිසක් එම දැරියට අතවර කළ බව දැරියගේ මව පොලීසියට පවසා ඇත.

දැරියගේ මව සාක්ෂි දෙමින් පවසා ඇත්තේ, සිය දියණිය බේරා ගැනීමට තමන් උත්සහ කළ අවස්ථාවේදී තමන්ට ද එම පිරිස හිරිහැර කළ බව ය.

බස් රථයේ සහයක (කොන්දොස්තර) තමන්ට උදව් කරනවා වෙනුවට ඔහු තමන්ට හා සිය දියණියට අතවර කිරීම සඳහා අදාළ පිරිසට සහය දුන් බව ද මව පවසයි.

කිසිවෙකුගෙන් උපකාරයක් නොලද තැන ඇය බස් රථයේ රියැදුරු වෙත ගොස් බස් රථය නතර කරන ලෙසට ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම නොසලකා ඔහු ද බස් රථය ධාවනය කළ බව ඇය සඳහන් කර තිබේ.

බස් රථයේ සිටි පිරිසගෙන් හිංසනයට පත් වූ ඔවුන් දෙදෙනා ධාවනය වෙමින් පැවති බස් රථයෙන් ඉවතට තල්ලු කළ බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

සිද්ධියෙන් දරුණු ලෙස තුවාල ලැබූ දැරියට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා මහ මාර්ගයේදී ම මිය යෑමට සිදු විය.

සිදුවීමෙන් පැය 12 ක කාලයක් සිහිසුන්ව සිටි මව මේ වන විට ඉන්දියානු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එම බස් රථයේ රියැදුරු හා සහයකයා ඇතුළු තිදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියානු ව්‍යවස්ථාවට දූෂණය, අපරාධ සම්බන්ධයෙන් නව නීති ඇතුළත් කිරීමට බල කිරීමක් ඇති කරවීමේ සිදු වීමක් ලෙස 2012 සමූහ දූෂණයට ලක් වූ මුම්බායිහි වෛද්‍ය සිසුවියගේ සිදු වීම සඳහන් කළ හැක.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]