හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 19 යේ ගුණ දකී (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 19 යේ ගුණ දකී (VIDEO)

කර්තෘ Staff writer

29 Apr, 2015 | 9:21 pm

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ යහ පාලන ලකුණු ඇතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, අද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති හමුවකදී ය.

පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා වගකිව යුතුයි යන්න 19 වන ව්‍යවස්ථාවේ අඩංගු වීම සුභවාදී ලක්ෂණයක් බව හිටපු ජනපති අවධාරණය කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා අද පෙරවරුවේ, නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් හමු වූහ.

 

“පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා වග කිවයුතුයි කියන එක විතරක් 19 වන ව්‍යවස්ථාවේ සුභවාදී ලක්ෂණයක්” – හිටපු ජනාධිපති

Posted by Newsfirst.lk on Wednesday, April 29, 2015