හම්බන්තොට නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

හම්බන්තොට නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

29 Apr, 2015 | 6:25 pm

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

 

අම්බලන්තොට පොලීසියේදී සැකකරුවෙකු පැහැර ගැනීමට උත්සාහ කළ හම්බන්තොට නගරාධිපති රිමාන්ඩ්

Posted by Newsfirst.lk on Wednesday, April 29, 2015

ඒ ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ය.

2014 වසරේ මාර්තු මාසයේදී අම්බලන්තොට පොලිස් ස්ථානයට පැමිණ සැකකරුවෙකුට පහර දී ඔහු රැගෙන යාමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගරධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.