මැයි දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

කර්තෘ Staff writer

29 Apr, 2015 | 4:15 pm

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා පොලිස් නිලධාරීන් 2800 ක් යොදවන බව ය.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැළි සහ පෙළපාළි 17 ක් පැවැත් වීමට නියමිත ය.

මැයි පෙළපාළි හේතුවෙන් එදින කොළඹ නගරයේ මාර්ග රැසක් දහවල් 12 සිට රාත්‍රි 7 දක්වා වසා තැබෙනු ඇති.

ටි.බි. ජයා මාවත, ඩි.ආර්. විජේවර්ධන මාවත, වොක්ෂෝල් වීදිය, ඉබ්බන්වල හන්දිය , ධර්මපාල මාවත, බේස්ලයින් පාර ඇතුලු මාර්ග රැසක මැයි මස පළමු වන දා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර ලබන 03 වන දා උදා වන වෙසක් පොහොය වෙනුවෙන් පැවැත්වෙන වැඩ සටහන් හේතුවෙන් කොළඹ ඇතැම් ප්‍රදේශවල රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙසක් උත්සවය නිමිත්තෙන් ආරක්ෂක වැඩපිළිවෙළක් ද සංවිධානය කර ඇති බව ය.

විශේෂයෙන් වෙසක් සිරි නැරඹීමට පාපැදි හා යතුරුපැදිවලින් ගමන් ගැනීමේදී මාර්ග නීතිවලට ගරු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]