මහ බැංකු අධිපතිට එරෙහිව කතානායකට යෝජනාවක්

මහ බැංකු අධිපතිට එරෙහිව කතානායකට යෝජනාවක්

මහ බැංකු අධිපතිට එරෙහිව කතානායකට යෝජනාවක්

කර්තෘ Staff writer

29 Apr, 2015 | 8:45 pm

මහ බැංකු අධිපති ධූරයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉවත් කරන ලෙස ඉල්ලා කතානායක වරයා වෙත යෝජනාවක් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 90 කගේ අත්සන් සහිතව ඊයේ එම යෝජනාව කතානායක වරයාට භාර දුන් බව ය.

රුපියල් කෝටි 4,500 අධික පොලී අලාභයක් අර්ජුන මහනේද්‍රන් මහතා විසින් රටට සිදු කර ඇති බ‍ව ත්, සිංගප්පූරු ජාතිකයකු වන මහ බැංකු අධිපතිවරයා වහාම එම ධූරයෙන් ඉවත් කරන ලෙස ත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසී ය.