මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු මරණ දඬුවම ලබයි

මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු මරණ දඬුවම ලබයි

මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු මරණ දඬුවම ලබයි

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2015 | 1:45 pm

ඉන්දුනීසියාව තුළ මරණ දඬුවම නියම වූ විදේශිකයින් ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් 9 දෙනාගෙන් 8 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ඒ, ඉන්දුනීසියාවේ නුසාකම්බන්ගන් දිවයිනේ පිහිටි බේසි සිර කඳවුරේදී ය.

මරණ දඬුවම නියම වූ එකම පිලිපීන ජාතික කාන්තාවට අදාළ මරණ දඬුවම අවසන් මිනිත්තුවේදී කල් දැමීමට ඉන්දුනීසියා රජය තීරණය කළේ ය.

විදෙස් මාධ්‍ය පවසන්නේ, පිලිපීන ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ය.

තම රජය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබීම අප්‍රසාදයට කරුණක් බව ඔස්ට්‍රේලියා ජනාධිපතිවරයා පවසා තිබේ.

එම එක් ඔස්ට්‍රේලියානුවෙක් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකි.

මෙම සිදුවීම මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කළ අවස්ථාවක් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පවසයි.