නේපාලයේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

නේපාලයේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

නේපාලයේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2015 | 6:53 am

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ නේපාලයේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, එරට අග්‍රාමාත්‍යවරයා මෙම ‍ශෝක කාලය ප්‍රකාශයට පත් කළ බව යි.

මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාළ මෙම දින තුනක ‍ශෝක කාලය ප්‍රකාශයට පත් කළේ ය.

විදෙස් වාර්තා පැවසුවේ, පුද්ගලයින් බේරා ගැනීමේ සහ සහන සේවා කටයුතු තම රජය හැකි උපරිමයෙන් කරන බවට ‍ඔහු ප්‍රතිඥා දී ඇති බව ය.

මේ අතර භූමි කම්පාවෙන් ජීවිතක්ෂයට පත් විදේශිකයින්ගේ සහ නේපාල ජනතාවගේ ඥාතීන්ට මෙන් ම අවතැන් වූ පිරිස් වෙත නේපාල රජය ශෝකය ප්‍රකාශකර තිබේ.

ජාතිය අමතමින් නේපාල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, සිය මිතුරු රාජ්‍යයන් මේ අවස්ථාවේදී තම රටට සහය වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

මෙම ඛේදජනක අවස්ථාවේදී තම රටට සහයෝගය දක්වන සියලු රාජ්‍යයන්ට ස්තුති කරන බව ද ඔහු පවසා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, නේපාලයේ බොහෝ ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ජනයා සහනාධාර අපේක්ෂාවෙන් පසුවන බව ය.

භූ කම්පනයෙන් මේ වනවිට දින 4ක් ගතව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 4,600 ඉක්මවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, පසුකම්පන වූ ප්‍ර‍දේශවලට තවමත් සහන සේවා රැගෙන යාමේ දුෂ්කරතාවක් මතුව ඇති බව ය.

මේ අතර භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් පිරිස දස දහස ඉක්මවනු ඇතැයි මීට පෙර නේපාල අග්‍රාමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

ඔහු පවසා ඇත්තේ, භූ කම්පනයෙන් හානි වූ දුරින් පිහිටි ගම්මානවල හා නගරවල තොරතුරු බලාපොරොත්තුවෙන් පසුවන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]