දිවයින පුරා රෝහල්වල 2000ත් 3000ත් අතර හෙද හෙදියන්ගේ හිඟයක්

දිවයින පුරා රෝහල්වල 2000ත් 3000ත් අතර හෙද හෙදියන්ගේ හිඟයක්

දිවයින පුරා රෝහල්වල 2000ත් 3000ත් අතර හෙද හෙදියන්ගේ හිඟයක්

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2015 | 9:31 am

දිවයින පුරා හෙද හෙදියන් 2000ත් 3000ත් අතර හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ පර්යේෂණ හා පුහුණු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් මහතා පැවසුවේ, උතුරු සහ සබරගමුව පළාත්වල එම හෙද හිඟය බහුලව ඇති බව ය.

හෙදියන් නොමැති විමෙන් ඇතැම් පළාත්වල රෝහල්වල එක් එක් අංශයන් පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබේ.

ජාතික රෝහලේ සහ ජයවර්ධනපුර රෝහල්වල ද එම හෙද හිඟය මතුව ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ලබන වසර වනවිට හෙදියන් 2000ක් පමණ බඳවා ගැනීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.