ජැක්ලින්ගේ දෙපා සෙලවීමට ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 4ක්

ජැක්ලින්ගේ දෙපා සෙලවීමට ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 4ක්

කර්තෘ Staff writer

29 Apr, 2015 | 5:29 pm

ලන්ඩනයේ ඉහළ පෙළේ විවාහ මංගල්‍යයක නැටුමක් සඳහා ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ආරාධනාවක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි 4කි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජැක්ලින් ෆර්නැන්ඩස්ට එම මුදල ගෙවීම සඳහා එකඟත්වය ලැබී ඇති බව ය.

ඇයට එම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ, ලන්ඩන්හි ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයක නර්තන අංග කිහිපයක් සඳහා ය.

එම විවාහ උත්සවය ලබන මස (මැයි) අවසානයේ පැවැත් වීමට නියමිත ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දින 2ක කාලයක් සඳහා ජැක්ලින් එම විවාහ මංගල්‍යයට සහභාගි වීමට ලන්ඩනය බලා පිටත් වන අතර එම දින 2 ඇතුළත ඇයගේ නවාතැන් පහසුකම් මෙන් ම ගුවන් ගමන් වියදම් ද එම ව්‍යාපාරික පවුල දැරීමට නියමිත බව ය.

ඇයගේ දින පොතේ මෙම විවාහ මංගල්‍යයට සහභාගි වීමට දින වෙන්කර ඇති බව ජැකලින්ගේ මාධ්‍ය නිවේදකයා ද තහවුරු කර තිබේ.