ප්‍රතාපවත් බව තියෙන්නෙ මොළයේ මිස ඇගේවත්, උඩුරැවුලෙවත් නෙවෙයි- අමාත්‍ය රාජිත සේනාරත්න (VIDEO)

ප්‍රතාපවත් බව තියෙන්නෙ මොළයේ මිස ඇගේවත්, උඩුරැවුලෙවත් නෙවෙයි- අමාත්‍ය රාජිත සේනාරත්න (VIDEO)

කර්තෘ Staff writer

29 Apr, 2015 | 9:57 pm

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් පළ අදහස් පහතින් දැක් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ මාධ්‍ය ප්‍රකාශක‍ ඩිලාන් පෙරේරා  ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]පාර්ලිමේන්තුව නියෝජනය කරන පෞද්ගලික මාධ්‍ය ආයතන සම්බන්ධයෙන්, තිබුණු සියලු වගන්ති සේරම ශ්‍රේෂ්ඨාධිකරණය කපා හැරියා. එහෙම කියලා තියෙද්දීත් වෙන වගන්තියකින්, ආයිපාරක් පෞද්ගලික මාධ්‍යවලට අතතියන්න තමයි උත්සාහ කළේ. දින 100 ක් ඇතුලේ කරන්න බැරිවෙච්ච වැඩේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පැය 100 ඇතුලතදී මේ ආණ්ඩුව ඇතුළට ගිය අපිට පුළුවන් වුණා[/quote]

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ බව ය.

[quote]ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගෙනාපු මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට පුළුවන් වුණු එකම ජගතා වුනේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා එතුමා දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තිබ්බා. ජනතා හදවත් තුළට විනිවිද ගියා. එතුමා වෙස්සන්තර කෙනෙක් වුනා.[/quote]

සෞඛ්‍ය අමාත්‍ය‍‍ රාජිත සේනාරත්න මහතා ද 19 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

[quote]සමහරුන්ට එන්න බැරි වුණ පාර්ලිමේන්තුවට. හෙට අනිද්දාට කියයි ඒවාට හේතු. තව 6 දෙනෙක්, පිං මද පුතුන්, මම හැමදාම කියන ප්‍රතාපවත් බව තියෙන්නේ මොළයෙයි, හදවතේ යි, ඇගේ නෙවෙයි. උඩුරැවු ලෙවත් නෙවෙයි.[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]