ඓතිහාසික 19 වන ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දුන් මන්ත්‍රී මෙන්න..

ඓතිහාසික 19 වන ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දුන් මන්ත්‍රී මෙන්න..

ඓතිහාසික 19 වන ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දුන් මන්ත්‍රී මෙන්න..

කර්තෘ Kumudu Jayawardana

29 Apr, 2015 | 4:50 pm

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඊයේ 94%ක ඡන්ද ප්‍රතිශතයකින් සම්මත විය.

එහි තෙවන වර කියවීමේදී සංශෝධනයට පක්ෂව ඡන්ද 212ක් ලැබිණි.

එක් අයෙකු ඡන්දය භාවිත කළේ නැත.

තවත් දස දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එහෙත්, එම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිටියේ ය.

ඒ අන් කවරෙකු ත් නොව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විවිධ පාර්ශව සඳහන් කළේ, මෙම ඓතිහාසික අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් රටට අපරාධයක් කරන බව ය.