English
தமிழ்
කර්තෘ Staff writer
24 Apr, 2015 | 12:26 pm
සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙවරත් සිරස – ජෝන්කීල්ස් වෙසක් කලාපය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
සිරස වෙසක් කලාපයේ කප් සිටුවීමේ මංගල්‍යයRead more : http://wp.me/p5qkT7-egc
Posted by Newsfirst.lk on Thursday, April 23, 2015
එහි සමාරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරුවේ කොළඹ 02, බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථානයේදී සිදු කෙරිණ.
මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිරස – ජෝන්කීල්ස් වෙසක් කලාපයේ සමාරම්භය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය ආරම්භ කෙරිණ.
මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
බුදුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ, මහ රහත් ධාතූන් වහන්සේ වැඩම කරවන සිරස – ජෝන් කීල්ස් වෙසක් කලාපය මැයි මස 3 වන දා සිට 5 වන දා දක්වා පැවැත් වීමට නියමිත ය.
සිරස – ජෝන් කීල්ස් වෙසක් කලාපයට පැමිණෙන සැදැහැවතුන්ට වෙහෙස මහන්සියකින් තොරව මෙරට පැවැත්වෙන උතුම් ආමිස පූජාව හා එක්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඊට බැතිබර දායකත්වය සපයන්නේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය යි.
04 Jan, 2019 | 09:40 PM
28 Apr, 2018 | 07:41 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS