English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
24 Apr, 2015 | 10:08 pm
සමෘද්ධි ප්‍රතිලාභීන් හා නිලධාරීන් වෙනුවෙන් දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයි පවසමින් අද බත්තරමුල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඊට එක්ව සිටියේ, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිලධාරී සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයකි.
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසලට රැස් වූ පිරිස පසුව පා ගමනක් ආරම්භ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ විරෝධතාවට එක්ව සිටියහ.
සමෘද්ධි අමාත්‍යංශය පිහිටි බත්තරමුල්ල, සෙත්සිරිපාය දක්වා පැමිණි පිරිස එහිදී විරෝධතාව පළ කළහ.
එහිදී අමාත්‍යංශ ලේකම්වරයා පැමිණ උද්ඝෝෂකයින් හමු වී ගැටලුවලට අදාළ පෙත්සමක් භාර ගත්තේ, විෂය භාර අමාත්‍යවරයාට භාර දීමේ අරමුණින් ය.
මේ අතර විරෝධතා ව්‍යාපාරයට නිලධාරීන් පැමිණීම හේතුවෙන් අද දිනයේ ප්‍රදේශ රැසක දිවි නැගුම බැංකු කටයුතු අඩාල වී ජනතාව අසීරුතාවට පත්වූහ.
මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පැවසුවේ, එක් දේශපාලන පක්ෂයක් පමණක් එක්ව සිදු කරන මෙම විරෝධතා ක්‍රියාවලිය හෙළා දකින බව ය.
26 Feb, 2018 | 01:14 PM
07 Nov, 2016 | 05:54 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS