“යහපාලනය හරහා හොරකම් කළා නම් අපිටත් ඇතුළට යන්න වෙනවා” – හර්ෂ ද සිල්වා (VIDEO)

“යහපාලනය හරහා හොරකම් කළා නම් අපිටත් ඇතුළට යන්න වෙනවා” – හර්ෂ ද සිල්වා (VIDEO)

කර්තෘ Staff writer

24 Apr, 2015 | 1:01 pm

දූෂිතයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා අනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

[quote]මිනිස්සු හිතුවේ නැහැ මේ රජයට පුළුවන් වෙයි කියලා ඔය ප්‍රබලයි කියාගන්නා පුද්ගලයෝ එක්කෙනෙක්වත් ඇත්ත වශයෙන්ම වැරැද්දක් කරලා තියෙනවානම් චෝදාවක් ගොනු කරන්න පුළුවන් වෙයි කියලා. සිය ගාණක් තියෙනවා චෝදනා. ඔය සිය ගාණටම පිළිතුරු දෙන්න වෙනවා. මමත් චෝදනාවක් කළා. කොහොමද බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5 ගානේ වියදම් කළේ කියලා නාන ළිං ප්‍රතිසංස්කරණය කරගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ. මේ යහපාලනය හරහා අපි හොරකම් කරලා තියෙනවා නම් අපේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාලා තියෙනවා නම් ඒ චෝදනා අධිකර‍ණයේ ඔප්පු වුනොතින්. එහෙමනම් ඉතිං සමාවෙන්ට ඕනේ ඇතුළට යන්ඩ සිද්ධ වෙනවා.[/quote]

පොදු කටයුතු සඳහා පුටු හා කූඩාරම් ප්‍රදානය කිරීම වෙනුවෙන් නාවලදී මෙම උත්සවය පැවැත්විණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]