යක්කලමුල්ලේ දරුවෙකු අපයෝජනය කර මරා දැමූ බාලවයස්කරුවන්ගෙන් පාපොච්චාරණයක්

යක්කලමුල්ලේ දරුවෙකු අපයෝජනය කර මරා දැමූ බාලවයස්කරුවන්ගෙන් පාපොච්චාරණයක්

යක්කලමුල්ලේ දරුවෙකු අපයෝජනය කර මරා දැමූ බාලවයස්කරුවන්ගෙන් පාපොච්චාරණයක්

කර්තෘ Staff writer

24 Apr, 2015 | 10:17 am

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේදී පසුගිය අට වන දා ලයිම් කාමරයක තිබී සොයාගත් අට හැවිරිදි දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි අයෙකු හා 14 හැවිරිදි ළමයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හෙළි වූ තොරතුරු මත ඔවුන් දෙදෙනා අද අත්අඩංගුවට ගත් බව ය.

ගෙල මිරිකා අදාළ ඝාතනය සිදුකළ බවට සැකකරුවන් පාපොච්චාරණයක් සිදුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

දින තුනක් තිස්සේ සැකකරුවන් විසින් අදාළ දරුවා එම ලයිම් කාමරයේ රඳවා තබා ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.