මුම්බායිහි පොලිස් තැපැල් කාර්යාලයක් තුළ නිරූපණ ශිල්පිණියක දූෂණය කරයි

මුම්බායිහි පොලිස් තැපැල් කාර්යාලයක් තුළ නිරූපණ ශිල්පිණියක දූෂණය කරයි

මුම්බායිහි පොලිස් තැපැල් කාර්යාලයක් තුළ නිරූපණ ශිල්පිණියක දූෂණය කරයි

කර්තෘ Staff writer

24 Apr, 2015 | 9:45 am

ඉන්දියාවේ, මුම්බායිහි පොලිස් තැපැල් කාර්යාලයක් තුළ 19 හැවිරිදි නිරූපණ ශිල්පිණියක දූෂණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් , පොලිස් කොස්තාපල්වරයෙක් සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් කොස්තාපල්වරයා එම තරුණියගෙන් අදාළ සිදුවීමෙන් පසූ ලක්ෂ 4 ක කප්පම් මුදලක් ද ලබා ගෙන තිබේ.

එම තරුණිය තම ප්‍රදේශයෙන් එල්ලවන නින්දා අපහාස විඳ දරා ගැනීමට නොහැකිව ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

ඉන්අනතරුව මුම්බායි පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කාළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]